ප්රඥප්තතිය ස්ථාපිත කිරීම හා එහි නීත්‍යානුකූලභාවය
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1987 දී සිදුකල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාංශෝධනයේ 154 (උ) වගන්තිය මගීන් පළාත් සභා සඳහා යම් යම් බලතල හා කාර්යයන් පවරා දී ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයේ 154 (උ) (5) (ආ) වගන්ති ප්‍රකාරව පළාත් සභා අවශ්‍යතාවයන් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ විධිවිධානවල ට යටත්ව ප්රඥප්තිය සෑදිය හැකිය. මේ අනුව වයඹ පළාත් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් සියලුම විදිවිධාන අනුගමනය කොට 1990 දී වයඹ පළාත් පාරිසරික ප්රඥප්තතිය සම්මත කර ගන්නා ලදි.1990 අංක 12 දරණ වයඹ පළාත් පාරිසරික ප්රඥප්තතියේ අරමුණු අතර වයඹ පළාත් පාරිසරික අධිකාරිය පිහිටුවීමද පරිසරය ආරක්ෂා කිරීම , කළමනාකරණය කිරීම හා අභිවර්ධනය කිරිමද පරිසරයේ තත්ත්ව විධිමත් කිරීම , පවත්වා ගෙනයාම හා පාලනය කිරීම ප්‍රධාන වේ .ඒ අනුව වයඹ පළාත් පාරිසරික ප්රඥප්තතිවේ 2 වන වගන්තිය මඟින් පළාත් පරිසර අධිකාරිය පිහිටුවා ඇත.