නිරවුල් සහතිකය යනු අභිනවයෙන් වයඹ පළාත තුල ආරම්භ කිරිමට යෝජිත කර්මාන්ත හෝ ව්‍යාපෘති ස්ථාන ගත කිරිමට ප්‍රථම යෝජිත ස්ථානයේ අදාල කර්මාන්තය/ව්‍යාපෘතිය ස්ථානගගත කිරීම සඳහා සුදුසු වන්නේ දැයි අධ්‍යයනය කර ලබා දෙනු ලබන නිර්දේශයකි. මෙමඟින් පාරිසරිකමය වශයෙන් අනාගත සුරක්ෂිතභාවය සහ ව්‍යවසාය සැලසුම් කිරිමේදි පාරිසරික වශයෙන් ඇතිවිය හැකි ගැටලු වලට අදාල වන්නා වු නව ක්රමෝපායන් ඇතුලත් කර සැලසුම් නිර්මාණය කිරිමක් තුලින් මූල්‍යමය වියදම් අඩුකර පරිසර සංවේදීතාවය ග්‍රහණය කර ගනිමින් ක්‍රමවත් ලෙස ව්‍යවසාය ආරම්භ කල හැකි වනු ඇත. ඒ අනුව පාරිසරික නිරවුල් සහතිකය ලබාදීමේ ක්‍රමවේදය තුලින් ඒම ව්‍යවසායට පමණක් නොව ප‍්‍රදේශවාසින්ටද මුළුමහත් ප්‍රදේශයටද, අවට සියලුම පාරිසරිකමය සාධකයන්ටද සිදුවන බලපෑම් අවම කර ධරණීය සංවර්ධනය කරා පියමන් කිරිමට හැකි වනු ඇත. මෙම ක්‍රියාදාමයේදි පළමුව ව්‍යාවසායකයන් විසින් වයඹ පළාත් පරිසර අධිකාරිය වෙතින් පාරිසරික බලපෑම් හදුනාගැනිම් පිලිබඳ ප්‍රශ්නාවලියක් (අයදුම්පත්‍රය) ලබාගෙන එය නිසි පරිදි සම්පුර්ණ කර අදාල අවශ්‍ය අනෙකුත් ලිපිලේඛන සමඟ පළාත් පරිසර අධිකාරියට ඉදිරිපත් කල යුතු වන්නේය.
ඒ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂයක් සිදු කල යුතු අතර එකී ක්ෂේත්‍ර පරීක්ෂණය සඳහා නිශ්චිත ක්‍රමවේදයකට අනුව පරීක්ෂණ ගාස්තුවක් අය කරනු ලැබේ. එකී පරීක්ෂණයක් ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් ස්ථානය පරික්ෂා කර සියලු කරුණු සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක හා සමාජ ආර්ථික ක්ෂේත්රයන් කෙරෙහි අවධානය යොමු කර හරිත විගණනයක් සිදු කර ව්‍යවසාය ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරනු ලැබේ. වයඹ පළාත තුල ස්ථාපනය කිරිමට බලාපොරොත්තු වන සියලුම කර්මාන්ත සඳහා මෙම නිරවුල් සහතිකය ලබාගත යුතු අතර, මෙමඟින් කර්මාන්ත ආරම්භ කිරීමේදී පැන නඟිනු ලබන ගැටලු සහගත තත්වයන් බොහෝමයක් මඟහරවා ගැනිමටද හැකි වනු ඇත. පාරිසරික නිරවුල් සහතිකය ලබා ගැනිමට ඉල්ලුම් කරන අවස්ථාවේදි අදාල ව්‍යවසායකයා යෝජිත භුමිය මත තම ව්‍යවසායට අදාල කිසිඳු ඉදිකිරිමක් හෝ සංවර්ධනයක් සිදුකර නොතිබිය යුතුය. වයඹ පළාත තුල සියලුම කර්මාන්ත සඳහා පාරිසරික නිර්දේශ නොහොත් නිරවුල් සහතිකය ලබාගත යුත්තේ වයඹ පළාත් පරිසර අධිකාරියෙන් පමණි. නිරවුල් සහතිකයක් ලබාගෙන ආරම්භ කරනු ලබන නියමිත කටයුතු (අංක 1685/11 දරණ ගැසට් නිවේදනයේ ix උපලේඛණයේ නියමිත කටයුතු) සම්බන්ධයෙන් නිරවුල් සහතිකයේ කාල සීමාව ඉකුත්වීමෙන් පසු නියමිත කටයුත්තේ/ කර්මාන්තයේ ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීමට මසකට පෙර පරිසර ආරක්ෂණ බලපත්‍රය සඳහා ඉල්ලුම් කල යුතුය. නිරවුල් සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත වෙබ් අඩවිය මඟින් online හෝ සෘජුව පරිසර අධිකාරියේ පහත ලේඛනද සමඟ ඉදිරිපත් කළ හැක..