උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණය (අන්තරායකාරී අපද්‍රව්‍ය කළමනාකරණය)
1990 අංක 12 දරණ වයඹ පළාත් පාරිසරික ප්රඥප්තිය යටතේ ප්‍රකාශිත අංක 1685/11 දරණ 2010.12.21 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාරව ලැයිස්තුගත කරන ලද උපලේඛනගත අපද්‍රව්‍ය භාවිතයේ නියුතු (උත්පාදනය, එක්රැස් කිරීම , ප්‍රවාහනය කිරීම , ගබඩා කිරීම , නිෂ්කර්ෂණය කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය සහ එම අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ බැහැර කිරීම සඳහා භුමියක් හෝ පහසුකමක් සැපයිම) සියලුම දෙනා වයඹ පළාත් පරිසර අධිකාරියෙන් උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව බලපත්‍රයක් ලබාගත යුතුය.
1.අයදුම්පත සහ ලේඛන ඉදිරිපත් කිරීම
අංක 1685/11 දරණ 2010.12.21 දිනැති ගැසට් නිවේදනයේ VIII උපලේඛණයේ සඳහන් සියලුම කටයුතු සඳහා උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණය බලපත්‍රයක් ලබා ගැනීම කල යුතු අතර ඒ සඳහා අයදුම්පත ඉදිරිපත් කිරීමේදී උත්පාදනය, එකතුකිරීම, ගබඩාකිරීම, ප්‍රවාහනය කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම, නිෂ්කර්ෂණය කිරීම, බැහැර කිරීම) යන කටයුතු සියල්ල සඳහා අයදුම්පත යොමු කල යුතුය .
අයදුම්පත වෙබ් අඩවිය වෙත Online ක්‍රමයට හෝ සෘජුව වයඹ පළාත් පරිසර අධිකාරියේ කාර්යාලයට පහත ලේඛනද සමඟ ඉදිරිපත් කල හැක..
- 1. අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත, බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්.)
- 2. අදාල ඉඩමෙහි මිනින්දෝරු සැලැස්මෙහි පිටපත(පිඹුරු සැලැස්මේ ඡායා පිටපතක්)
- 3. ගොඩනැඟිලි සැලැස්මේ පිටපතක්
- 4. කර්මාන්ත හිමියාගේ ජාතික හැදුනුම්පතෙහි පිටපතක්/ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය
- 5. ගොඩනැඟිලි ව්‍යාප්ත සැලැස්මක්
- 6. ව්‍යාපෘති යෝජනා සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා වන යෝජනා
- 7. යෝජිත ස්ථානයට පිවිසෙන මාර්ගය දැක්වෙන පැහැදිලි දළ සැලැස්ම
- 8. GPS ඛණ්ඩාංක
- 9. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සැලසුම් සහ ආශ්රිත ලිපිලේඛන -ප්‍රවාහනය කරනු ලබන වාහන සම්බන්ධ විස්තර
- 10. අවශ්‍ය අවස්ථාවලදී අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන අනුමැතිය අනුකූලතා සහතිකය, අදාල පළාත් පාලන ආයතනය මඟින් ලබාගත් වෙළඳ බලපත්‍රය හෝ අනුමැතිය.)
- 11. විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය(ඉස්කාගාර නිෂ්පාදන, ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)
- 12. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘති සඳහා)
- 13. අධිකාරිය මඟින් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් යම් ලේඛනයක් හෝ විස්තරයක්
2. අදාල ඉල්ලීම මත ගාස්තුව තීරණය කිරීම
අංක 1685/11 දරණ 2010.12.21 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාරව.
ගාස්තු :
- 1. උපලේඛණගත අපද්‍රව්‍ය උත්පාදනය = රු. 1 000.00
- 2. උපලේඛණගතඅපද්රව්ය එක්රැස් කිරීම = රු. 1 000.00
- 3. උපලේඛණගත අපද්‍රව්‍ය ගබඩා කිරීම = රු. 10 000.00
- 4. උපලේඛණගත අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම = රු. 2 000.00
- 5. උපලේඛණගත අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය = රු. 5 000.00
- 6. උපලේඛණගත අපද්‍රව්‍ය නිෂ්කර්ෂණය = රු. 5 000.00
- 7. උපලේඛණගත අපද්‍රව්‍ය බැහැර කිරීම = රු. 100 000.00
3. ක්ෂේත්‍ර පරීක්ෂණ හා තාක්ෂණික වාර්තා විශ්ලේෂණය කිරීම
අදාල ගාස්තු ගෙවීමෙන් අනතුරුව පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් කර්මාන්තය/ ව්‍යාපෘතිය වාහන ආදිය පරීක්ෂා කර සියලු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර පරිසර දූෂණය පාලනය කර ගනිමින් කර්මාන්තය/ ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදිම හෝ ප්‍රතික්ෂේප කිරීම කරනු ලැබේ.
උත්පාදනය වු අපද්‍රව්‍ය ප්‍රමාණය අවසානයේදී බැහැර කරන්නාවු අපද්‍රව්‍ය ප්‍රමාණයට ප්රමාණාත්කමකව සමාන විය යුතු අතර ඒ සම්බන්ධයෙන් ප්‍රමාණාත්මකව වාර්තා ඉදිරිපත් කල යුතුය.