පාරිසරික පැමිණිලි
පාරිසරික පැමිණිලි පරීක්ෂාව සහ පසු විපරම
පරිසර දුෂණ පාලනයට අදාලව වයඹ පළාත තුල ක්‍රියාත්මක වන්නේ 1990 අංක 12 දරණ වයඹ පළාත් පාරිසරික ප්රඥප්තියයි.ඊට අමතරව රජය විසින් විවිධ අවස්ථාවල නිකුත් කල අති විශේෂ ගැසට්පත්‍ර සහ චක්‍රලේඛ මඟින් ද පරිසරිය ආරක්ෂා කිරීම පිළිබඳ විධිවිධාන හඳුන්වා දී ඇත.
ඒසේ වුවද වර්තමානයේ රටේ පවතින ආර්ථික සංවර්ධන ක්‍රියාවලියත් සමඟ මෙරට කර්මාන්ත ඉදි කිරිමේ ප්රවනතාවයද විශාල වශයෙන් ඉහත යමින් පවති.කෙසේ වුවද ආර්ථක සංවර්ධනය සමඟ පරිසර සුරක්ෂිතතාවයද සමබරතාවයකින් පවත්වාගෙන යාමට උත්සාහකල යුතුය.
පාරිසරික පැමිණිලි සම්බන්ධයෙන් වයඹ පළාතේ පරිසර අධිකාරිය සුවිශේෂී අවධානයකින් යුතුව කටයුතු සිදු කරනු ලබන අතර මේ සඳහා පාරිසරික පැමිණීලි ලබා ගැනිමේ කවුළුවක් ආරම්භ කර ඇත.වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත පාරිසරික පැමිණීලි යොමු කිරිමේදි වාචිකව දුරකථන මාර්ගයෙන් , ලිපි මාර්ගයෙන්, විද්‍යුත් තැපැලෙන් හෝ මාර්ග ගත පිවිසුම ඔස්සේ (online Web Site) පැමිණිලි යොමු කිරිමේ හැකියාව පවති.අදාල සියලුම පැමිණිලි ලේඛනගත වන අතර ඒ සඳහා ගනු ලැබු පියවර සම්න්ධයෙන් නිරතුරැ පසුවිපරමට ලක්වේ.
පළාත් පරිසර අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි පහත ආකාරයට විශ්ලේෂණය කරනු ලැබේ.
එනම්.
- I.අදාල පැමිණීල්ල පළාත් පරිසර අධිකාරියේ විෂය පථය යටතේ ගැනෙන්නේද යන වග
- II.පාරිසරික පැමිණිලි ලැබී ඇති කර්මාන්තය, පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා දිම සඳහා පළාත් පාලන ආයතනය වෙත බලය විමධ්‍යගත කරනු ලැබ ඇති කර්මාන්තයක්ද යන වග
- III.පළාත් පරිසර අධිකාරිය මඟින් අදාල කර්මාන්තය සඳහා නිරවුල් සහතිකය/පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාදි තිබේද යන වග , අදාල කර්මාන්තය අනවසර කර්මාන්තයක්ද යන වග
- IV.මෙයට පෙර මෙම කර්මාන්තය සඳහා පාරිසරික පැමිණිලි ලැබි තිබේද යන වග, එහිදී විසදුම් ලබා දුන් පාරිසරික ගැටලුවක් නම් ඒ සම්බන්ධ ඉතිහාසය ආදි කරුණු
අනතුරුව,
- I.පාරිසරික විෂය පථය යටතේ නොගැනෙන පැමිණිලි අදාල ආයතනය වෙත යොමු කරයි.
- II.පළාත් පාලන ආයතනය වෙත බලය විමධ්‍යගත කර ඇති කර්මාන්ත සඳහා වන පැමිණිලි එම ආයතනය වෙත යොමු කරනු ලබයි.
- III.අනෙක් සියලුම පැමිණිලි සම්බන්ධ කටයුතු සිදු කිරීම පළාත් පරිසර අධිකාරිය මඟින් සිදු කරයි.
විශේෂයෙන්ම වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් කටයුතු කල යුතු පැමිණිලි සඳහා අධිකාරියේ තාක්ෂණීක දැනුම ඇති නිලධාරීන් විසින් අදාල ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර පවතින පාරිසරික ගැටළුව සම්බන්ධ තොරතුරු ලබා ගනී. ඒහිදි ලබා ගන්නා නිරික්ෂණ හා තොරතුරු මත පාරිසරික ගැටලු සහගත තත්වයන් අවමකර ගැනිම සඳහා පහත සදහන් ක්‍රියාමාර්ග අනුගමනය කෙරේ.
- පහත සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබේ.
- I.පැමිණිලි පාර්ශවය, කර්මාන්තකරු අදාල රජයේ ආයතන කැඳවා සාකච්ජා මාර්ගයෙන් ගැටලු සහගත තත්ත්වය අවම කර ගැනිමේ ඒකගතාවයකට පැමිණේ.
- II.අවශ්‍ය අවස්ථාවලදී සියලුම පාර්ශවයන් හා රජයේ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත පසුවිපරම් කමිටු පත් කරයි.
- III. කර්මාන්තකරු අවශ්‍ය තාක්ෂණික උපදෙස් මත අදාල ඉදිකිරිම් හා වෙනස්කම් සිදුකර පාරිසරික ගැටලු අවම කර ගනිමින් කර්මාන්තය සිදු කිරිමට යොමු කරවයි.
- IV.දැඩි පාරිසරික ගැටලුවක් පවතින ස්ථානයන්හි කර්මාන්ත අත්හිටුවිමට කටයුතු කරයි.
- V. මෙම අධිකාරිය විසින් දෙනු ලබන උපදෙස් පිළිනොපදින අවස්ථාවලදි කර්මාන්තකරුට එදිරිව නිතීමය පියවර ගනු ලබයි.
දැනුවත් කිරිම් සහ පුහුණු වැඩසටහන්
වයඹ පළාත් පරිසර අධිකාරියේ ප්‍රධාන අරමුණු වන්නේ වයඹ පළාත්වාසී ජනතාවට සුඛදායී පරිසරයක් බිහිකරලීමටයි. නීතිරීති රෙගුලාසි ආදිය ක්‍රියාත්මක කිරීම තුලින් පමණක් මෙම අභිලාෂයන් අත්පත් කර ගැනීම කල නොහැකිය. එනම්, ඒ සඳහා අනාගත පරපුර වන පාසල් ලමුන් ඇතුළු මහජනතාව හා සියලුම ක්ෂේත්රවල නිලධාරීන්ගේ දැනුවත්භාවය අත්‍යවශ්‍ය කරුණක් වන්නේය. ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් පහත අංශයන් ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් නොකඩවා ක්‍රියාත්මක කරනු ලැබේ.
- I.පාසල් ළමුන් දැනුවත් කිරිම්.
- II.කර්මාන්තකරුවන්, ව්‍යාපාරික ප්‍රජාව හා කර්මාන්ත ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීම
- III. දේශපාලන නායකත්වය දැනුවත් කිරීම
- IV.රජයේ නිලධාරීන් දැනුවත් කිරිම්
- V. මාධ්‍යවේදීන් දැනුවත් කිරීම
ආදිය පවත්වනු ලැබේ..
මෙයට අමතරව වසරක් පාසා දිවයිනේ ප්රමුඛ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරිසර කළමනාකරණය සම්බන්ධයෙන් වන අධ්‍යන සහ පුහුණු කටයුතු සඳහා වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත යොමු කරවනු ලබයි. බොහෝ විශ්වවිද්‍යාල මඟින් සෑම වසරකම පාහේ පරිසර කළමනාකරණ විෂය හදාරා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ උපාධි පාඨමාලාවෙහි අනිවාර්ය අංගයක් ලෙස මෙම අධිකාරියෙහි අධ්‍යයන හා පුහුණු කටයුතු සඳහා යොමු කරනු ලබන අතර අධිකාරියේ ඒ සම්බන්ධයෙන් දැනුම ඇති නිලධාරීන් ඔවුන්ගේ අධීක්ෂණකරුවන් වශයෙන් කටයුතු කරනු ලබයි.